ඩවුන්ලෝඩ් කරන්න කලින් පරිගණක වයිරස් හඳුනගමුද?

අපි ඉස්සර වගේ නෙවෙයි අපේ පරිගණක යන්ත්‍ර වල ආරක්ෂාව ගැන හරියට හොයලා බලනවා. ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න කලින් දෙපාරක් හිතනවා. ඩවුන්ලෝඩ් කළාට පස්සේත් ස්කෑන් කරනවා. සමහර කට්ටිය වෛරස් ගාඩ් දෙකක් දාගෙන ඉන්නවා

හැබැයි දැන් එච්චර දුක් විදින්න දෙයක් නෑ. අපිට පුලුවන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න කලින් ටෙස්ට් කරලා බලන්න.

මේ සයිට් එකට අපේ ලින්ක් එක දුන්නම ටක් ගාලා ලෝකේ තියෙන හොදම වයිරස් ගාඩ් වලින් ටෙස්ට් කරලා ඒ ඒ වයිරස් ගාඩ් වල රිසල්ට් එක වෙන වෙනම පෙන්නනවා. එකකට අහු උනේ නැත්නම් තව එකකින් එක හොයාගන්න පුළුවන්. ඒ හින්දා බය නැතිව අපිට දැන් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි අපේ පරිගණකයේ තියන ෆයිල් එකක් උනත් අපිට සැකයි නම් මේකට අප්ලෝඩ් කරලා බලන්න පුළුවන් වයිරස් එකක්ද නැත්ද කියලා.

මේකේ තියෙන තව පහසුකමක් තමයි ඔයාලට සැක වෙබ් සයිට් එකක් උනත් ස්කෑන් කරලා බලන්න පුළුවන් ඒක අනතුරුදායක ද කියලා.

මේ තියෙන්නේ හොඳ ෆයිල් එකක රිසල්ටි එක
මේ තියෙන්නේ ඇත්තටම වයිරස් එකක ලින්ක් එකක් දුන්නම ආපු රිසාල්ට් එක

මෙන්න ලින්ක් එක ට්‍රයි කරලා බලන්න.

https://www.virustotal.com