Realme X3 Super Zoom lens එකක් සහිතව ඉක්මනින් ඔබ අතට

රියල්ම් එක්ස් 3 සුපර් සූම් ඉතාම ඉක්මනින් පාරිභෝගිකයා වෙතට ලබා දෙන්න සමාගම තිරනය කරලයි තියෙන්නෙ.මෙකේ තියෙන විශේශත්වය තමයි මේකේ එක කැමරාව. එකේ 60x විශාලනය සහිතව එන බව අපට ට්වීට් එකෙන් හෙළි වී තිබේ. කෙසේ වෙතත්, දියත් කිරීමේ දිනය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නම් අපිට ලැබිලා නෑ.එත් ඉතාම ඉක්මනින් මෙයාලා මේක රිලීස් කරයි.

ගිය අවුරුද්දේ මෙයාලා වෙලඳපොලට එකතු කරපු රියල්මේ එක්ස් 2 ශ්‍රේණිය තව ටිකක් වැඩිදියුණු කරලා තමයි රියල්මේ එක්ස් 3 හදලා තියෙන්නේ.

මෙම සුපිරී සූමින් එකට අමතරව මෙය 30 Wක වේගයකින් චාර්ජ් කිරීමේ හැකියාවද 4,200 mAh බැටරියක් සහිත බව අපිට ලැබෙන ආරංචි වල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්නැප්ඩ්‍රැගන් 855 ප්ලස් ප්‍රොසෙසරයද සහිත බව සඳහන් වෙනවා.

මෙ දුරකථනයට ක්වාඩ් කැමරාවක් තියෙනවා මේකේ මෙගාපික්සල් 48 ක ප්‍රාථමික කැමරාවක්, මෙගාපික්සල් 8 සෙන්සර් එකක් සහ මෙගාපික්සල් 2-2සෙන්සර්ද සහිතයි. මේ විතරක්ම නෙවෙයි මෙගාපික්සල් 16 සහ 2 සෙල්ෆි කැමරාවක් ඉදිරිපසින් සහිත බව සඳහන් වේ. ටිප්ස්ටර්ට අනුව ස්මාර්ට් ජංගම දුරකතනයේ මිල රුපියල් 50,000 ට වඩා අඩු වනු ඇත.

මේ විතරක් නෙවෙයි මෙකේ 12 GB RAM සහ 256 GB හාඩ් එකක්ද සහිතයි.