Huawei Y9 (2019) සඳහා ඇන්ඩ්‍රොයිඩ් 10 ලැබෙයි.Nova 3 සහ Honor Play අවිනිශ්චිතයි???

Huawei Y9 (2019) හි හිමිකරුවන් ඔවුන්ගේ දුරකථන වලට ඇන්ඩ්‍රොයිඩ් 10 යාවත්කාලීනය නොලැබෙන බව අනාවරණය වීමෙන් පසුව සමාගමට එරෙහිව උද්ගෝෂනයක් දියත් කළහ. Huawei ආයතනය මේ නිසා පසුබැස ඇති අතර දුරකථනය යාවත්කාලීන කිරීමට පොරොන්දු වී ඇති බව පෙනේ. කනගාටුවට කරුණක් නම්, නෝවා 3 ශ්‍රේණිය සහ හොනර් ප්ලේ වැනි වෙනත් දුරකථන ගැනද ඒ කිසිවක් ඔව්න් මේ වෙනතෙක් ප්‍රකාශ කර නැත

පෙනෙන ආකාරයට පාරිභෝගිකයින් අත්‍යවශ්‍යතම වගකීමක් ඔව්න් පැහැර හැර ඇත. මීට දින කිහිපයකට පෙර, අපි ඇන්ඩ්‍රොයිඩ් 10 යාවත්කාලීනය සඳහා huwawei ආයතනය විසින් huwawei Y 9 (2019) ලබාදීම ප්‍රකාශයට පත් කර ඇත්තේ, සමාගමට එරෙහිව change.org පෙත්සමක් නිර්මාණය කිරීමට දුරකථනයේ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින අවස්තාවක වීම විශේෂත්වයකි.

සමාගම සිය පෙර තීරණයට පාරිභෝගිකයන්ගේ බලපෑම මත සම්පුර්නයෙන්ම කනපිට හැරවීමක් කර ඇති බවක් පෙනෙන්නට ඇත. දුරකථනය සඳහා වන සැලසුම් පිළිබඳව ට්විටර් වෙබ් අඩවියේ සමාගම මෙසේ සඳහන් කර ඇත.

Thank you for your message. The Huawei Y9 2019 will receive the EMUI 10 update

කනගාටුවට කරුණක් නම්, ඔව්න් මෙසේ ඇන්ඩ්‍රොයිඩ් 10 ලබාදෙන්නේ Huawei Y9 (2019) ට පමණක් වීමයි.

මේ වනවිටත් Nova 3i සහ honor Play සඳහා change.org පෙත්සමක් ද නිර්මාණය කර ඇත. දෙවැන්න දැනට අත්සන් 2000 කට වඩා පිරිසක් අත්සන් ලබාදී ඇත.

Huawei සමාගම ඔවුන් ගමන් ගන්න අදහස් කල මාර්ගයෙන් බැහැර වී ඇන්ඩ්‍රොයිඩ් 10 අනෙකුත් Phones Model වලටත් ලබා දීමට කටයුතු කලහොත් ජයග්‍රහණය පාරිභෝගිකයන්ගේ ගැටලු බොහෝදුරට විසදෙනු ඇත.