Face Recognition වැරදි භාව්තය නිසා ෆේස්බුක් ආයතනයට ඩොලර් මිලියන 550ක දඩයක්.

2011 දී ෆේස්බුක් ඔබව ඡායාරූපවලට ටැග් කිරීම ආරම්භ කළ අවස්ථාව මතකද? එය සමාගම විසින් පරික්ෂණයක් විදිහට ආරම්භ කල අතර ඊට අදාල ටැග් වීමෙදී එය සිදුවන ලද්දේ අදාල තැනැත්තා ගෙන් අවසරක් නොගෙනය. ටික කලකට පසු, ෆේස්බුක් සමාගමට එරෙහි නඩුවක් ආරම්භ වූ අතර, නීතිමය ආරවුල නිල වශයෙන් ආරම්භ වූයේ 2015 වසරේදී ය.

එතැන් සිට මෙම නඩුව පන්ති ක්‍රියාමාර්ගයක් දක්වා ඉහළ නංවා ඇති අතර ෆේස්බුක් එය කිසිඳු වැරැද්දක් කර නැති බවත්, තමන්ව සම්පුර්නයෙන්ම නිවැරදියයි විශ්වාස කළේය.මෙ බැවින් මොව්න් දිගින් දිගටම නඩුව ඉදිරියට රැගෙන ගියේය.කෙසේ වෙතත්, කිසියෙක් නොසිතු අයුරින් තත්වය උඩුයටිකුරු වී ඇති අතර දැන් ඩොලර් මිලියන 550 ක දඩයක් ගෙවීමට සූදානම්ව සිටින අතර මුලින් නඩුව ආරම්භ කළ ඉලිනොයිස් හි පැමිණිලිකරුවන් කණ්ඩායමට ගෙවනු ඇත. කෙසේ නමුත් ෆේස්බුක් හි ප්‍රකාශකයාට අනුව, සමාගමට සහ කොටස් හිමියන්ගේ යහපතට හේතුවන පරිදි ගැටළුව ඉක්මණින් නිරාකරණය කිරීමට සමාගමට අවශ්‍ය වී ඇත.