ඉක්මනට ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගමුද ?

දැන් ටොරන්ට් හොයනවා කියන එක ඉස්සර වගේ නෙවෙයි අමාරු වැඩක්. ඉතින් හොද කොපි එකක් හොයා ගත්තත් අපිට සැහෙන වෙලා බලන් ඉන්න වෙලා තියෙන අවස්ථා තියෙනවා. අපිට මේ ස්පීඩ් එක වැඩි කර ගන්න එක එක ක්‍රම තියෙනවා. සමහරු මේ ක්‍රමේ දන්නවත් ඇති සමහරු දන්නේ නැතිව ඇති. ඒ තමයි torrent trackers.

වචනේ තේරුම විදියටම ඒක කරන්නේ track කරන එක. track කරන්නේ peers ලාව. මේ වචන සෙට් එක පුරුදු නැති යට වෙනම පොස්ට් එකකින් මේක කියලා දෙන්නම්. තේරෙන බාසාවෙන් කිව්වොත් මේ tracker කෙනෙක් කියන්නේ සර්වර් එකක දුවන ප්‍රෝග්‍රෑම් එකක්. එකෙන් කරන්නේ දන්නා අපේ file එක තව ඩවුන්ලෝඩ් කරපු අය ඉන්නවද කියලා බලලා ඒ අයව අපේ torrent downloder එකට එකතු කරලා දෙන එක. මම දන්නේ නෑ මෙහෙම trakcers තියෙන්නේ කොහෙද කියලා ඒ වගේම මේකේ නීතිමය පැත්ත දන්නෙත් නෑ. හැබැයි ඉතින් අපේ රටේ නම් ප්‍රශ්නයක් නෑ.

tracker ට තියෙනවා වෙනම address එකක් එකෙන් තමයි අපි එයාව අල්ල ගන්නේ. ඉතින් මෙහෙම trackers ල ටිකක් එකතු කරාම වෙන්නේ අපේ file එක තියෙන peers count එක වැඩි වෙන එක. එතකොට අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් වැඩි වෙනවා. කොහොමද මේක කරන්නේ කියලා අපි බලමු.

1. මුලින්ම අපිට ඕන trackers ලිස්ට් එකක්. මේ සයිට් එකෙන් ලිස්ට් එකක් ගන්න පුළුවන්. එහම නැත්නම් ගූගල් එකෙන් හොයලා ගන්න
http://www.torrenttrackerlist.com/torrent-tracker-list/

2.මුලින් ටොරන්ට් ෆයිල් එක ඇඩ් කරගන්න ඊට පස්සේ right click කරලා properties යන්න.

3. දැන් මේ වගේ window එකක් එයි

දැන් පේනවද මුලින්ම තියෙන හිස් කොටුවේ url ටිකක් තියෙනවා අන්න ඒවා තමයි trakcers ලිස්ට් එක අපේ. අපි කොපි කරගත්ත ලිස්ට් එක මේකට paste කරන්න ඕන. හැබැයි මතක තියා ගන්න මේවා ඇඩ් කරන්න ඕන පේලියක් ඇරලා අනිත් පේලියට.

දෙපාරක් චෙක් කරන්න හිස්තැන් එකක් ඇර එකක් තියෙනවද කියල. දැන් ok ක්ලික් කරලා window එක close කරන්න

4. දැන් ආයිත් properties ගිහින් update trackers click කරන්න.

අපේ වැඩේ දැන් ඉවරයි. ඔයාලට බලාගන්න පුළුවන් වෙයි කලින් තිබුනට වඩා ස්පීඩ් එක වැඩි වෙනවා කියල ටිකක් වෙලා යද්දී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *