ඇලුතෙන්ම එන්න තියෙන සුපිරි භාණ්ඩේ Xiaomi Mi 10

Xiaomi Mi 10 සහ Mi 10 Pro ලගදීම වෙලඳ පොලට නිකුත් කරන්න Xiaomi සමගම සූදානම් වන අතර පසුගිය සති කිහිපය තුළ එහි විස්තර අන්තර්ජාලයෙන් වාර්තා උනා.

රූපයේ මෙම දුරකතනයේ ඔබට අදහාගත නොහැකි දෙය නම් මෙහි 16 GB RAM සහ 512Gb capacity අන්තර් ගතවීමයි. ඔබට හිතගන්න පුලුවන්ද මේ දෙක තියෙන දුරකතනය performance එක ගැන. පිස්සු හැදෙනවා නේ. 16 GB RAM සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් වෙලඳපොලට නිකුත් කරන පලමු අවස්තාවද මෙය වේ.

Snapdragon 865 චිප්සෙට් සහිතය මෙමගින් ඉතාම කාර්යෂමව සහ AI තාක්ශනයද දුරකතනයට ලබාදෙයි. Screen එක HD සහ 6.4 ”තිරයකින් සමන්විත වේ. මෙම වසරේ මුල් බාගයේ මෙම දුරකතනය වෙලඳපොලට නිකුත් කරන බවට වාර්තාවේ.

මෙහි කැමරා හතරක් ඇති එය 108MP වේ.විශ්වාස කල හැකිද එය? මේ කැමරා 4 නිසා අඳුරේදී පව පැහදිලිව චායාරුප ගැනීමෙ හැකියාවක් පවති. Mi Note 10 සහ Mi Note 10 Pro ඇති මෙම දුර්වලතාව අලුතෙන් එන Xiaomi Mi 10 මඟින් අවම කරගෙන ඇත.

බැටරියේ සාමාන්‍ය ආරෝපණය 5,250 mAh වේ, දුරකථනය 65W චාජරයක් ඇති නිසා ඉක්මණින් charge කිරීමට හැකියාවක් ඇත.

එළඹෙන Xiaomi Mi 10 සහ Xiaomi Mi 10 Pro සම්පූර්ණ විස්තරයක් තවමත් අපට ලැබී නැත. නමුත් මේ ලැබී ඇති තොරතුරු වලින් මෙය අනෙක් දුරකතන සමාගම් වලට විශාල අභියෝගක් වන බව නොඅනුමානය..